'ෆිට් ටු ෆිෆ්ටි' තේමාවෙන් පැමිණි තෝමියන් රයිඩ් පාපැදි සවාරිය

  👤  2966 readers have read this article !
By mawbima 2018-08-19

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල 3 වැනි වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික "තෝමියන් රයිඩ්" පාපැදි සවාරිය මෙවරත් දින 11ක් පුරා ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1400ක දුරක් ආවරණය වන පරිදි පැවැත්වෙන අතර අද (19දා) දිනය තෙක් පැවැත්වූ මෙම සවාරියට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රි ගුණරත්න මහතා අඛණ්ඩව තෙවැනි වරටත් සහභාගි වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකාවේ දුෂ්කරතම පාපැදි සවාරි අතර ප්‍රමුඛතම පාපැදි සවාරියක් ලෙස සැලකෙන "තෝමියන් රයිඩ්" සවාරිය පසුගිය 8දා ගල්කිස්සෙන් ආරම්භ වූ අතර එහි ධාවන පථය හලාවත, එළුවන්කුලම, විල්පත්තුව, මන්නාරම, යාපනය, කන්කසන්තුරේ, චලේ, මුලතිව්, කෝකිලායි, ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, කතරගම, වැලිගම හා ගාල්ල යන ප්‍රදේශ ආවරණය වන පරිදි සැලසුම් කර ඇත. කන්කසන්තුරයෙන් ආරම්භ වී පේදුරුතුඩුව, චාන්ඩිකුලම් කැලෑ මාර්ගය ඔස්සේ, චලේ කළපුව හරහා මුලතිව් දක්වා දිවගිය 5 වැනි දිනය "තෝමියන් රයිඩ් 2018" සවාරියේ දුෂ්කරම දිනය වූ බවටද දැනගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම "තෝමියන් රයිඩ්" පාපැදි සවාරිය නැඟෙනහිර වෙරළ තීරය පසුකරද්දී බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණේ කොළඹ රාජකීය විදුහලේ 9 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන දනිදු පංකජ තෙන්නකෝන් නම් පාපැදි ධාවකයා වෙතය. පළපුරුදු පාපැදි ධාවකයන් අතරට එක්වී සිටිමින් නවක රාජකීය සිසුවා දුෂ්කර විල්පත්තු-මන්නාරම කොටසේදී මෙන්ම පේදුරුතුඩුව, මුලතිව් හා පුල්මුඩේ, ත්‍රිකුණාමලය කොටසේ දී සිය දස්කම් දැක්වූ බවද වාර්තා විය.

මෙවර සවාරියේ 8 වැනි දිනයේදී මඩකළපුවේ සිට පොතුවිල් දක්වා යන ගමන අතරතුර "මව්බිම" සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ පසුව ෆිට් ටු ෆිෆ්ටි (ටඪබ බධ ජ්ඪටබර) යන තේමාව යටතේ "තෝමියන් රයිඩ්" නමින් මෙම පාපැදි සවාරිය ආරම්භ කළ බවයි. තම සෞඛ්‍ය මට්ටම යහපත් ලෙස රැකගන්නට මෙවන් පාපැදි ධාවන වැඩසටහනක ඇති වැදගත්කම පැහැදිලි කරමින් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

"බොහෝ දෙනෙක් අවුරුදු 50 පැන්නට පස්සේ හිතනවා තව ටික කාලයයි ජීවත් වෙන්නේ කියලා. අපි එහෙම හිතන්නේ නැහැ. මේ වයසේදී නිරෝගීව ඉන්න පුළුවන් නම් තව බොහෝ කලක් ජීවත් වෙන්න හැකියාව තිබෙනවා. මගේ වයස දැන් 53යි. අපි වයස 50දී තමයි මේ වගේ වැඩක් කරන්න ෆිට් ටු ෆිෆ්ටි" කියන තේමාව යටතේ තීරණය කළේ. පාසල් කිහිපයකම කට්ටිය මෙම සවාරියට සහභාගි වෙනවා. මෙවර ධාවකයන් අතරින් ළාබාලම ක්‍රීඩකයා කොළඹ රාජකීය විදුහලේ දනිදු පංකජ තෙන්නකෝන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් මෙවර සවාරියේ නියෝජනය වෙනවා. අපේ මේ සවාරියේ යෙදෙන කණ්ඩායමේ ස්ථීර වශයෙන් 11 දෙනෙක් ඉන්නවා. මේ අතර රාජකාරිවල යෙදෙන අය ඉන්න නිසා ඔවුන් විටින් විට සවාරියට සම්බන්ධ වන විට සති අන්තයේ සවාරියට එක්වන සංඛ්‍යාව 15-20 පමණ ප්‍රමාණයකින් වැඩි වුණා" යනුවෙන්ද හෙතෙම පැවැසීය.

"තෝමියන් රයිඩ්" නමින් 2016 වසරේදී ආරම්භ කරන ලද මෙම පාපැදි සවාරිය දිනේෂ් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් බවත් ඔහු මෙවර ධාවන කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකයා බවත් සඳහන් කළ ගුණරත්න මහතා

"මෙවර අපේ ප්‍රධාන කණ්ඩායම දිනේෂ් ප්‍රනාන්දු, සේනක ෆොන්සේකා වැනි ප්‍රවීණයන්ගෙන් සමන්විතයි. කොළඹ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙක්ද වන දිනේෂ් ප්‍රනාන්දු කියන්නේ ප්‍රවීණ පාපැදි ශූරයෙක්. එතුමාගේ සංකල්පයක් අනුව සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ ගිය අවුරුද්දේ සවාරිය සිදුකළෙත්. සයිකල් ටු රිසයිකල් (ඛ්රජතඥ බධ අඥජරජතඥ) යන තේමාවත් පදනම් කරගෙනයි. ඒවගේ එක් එක් අවස්ථාවලදී එක් එක් තේමාව යටතේ සිදු කෙරෙන මෙම පාපැදි සවාරිය අපිට එක්තරා අභියෝගයක්. හේතුව කිලෝමීටර් 1400කට ආසන්න දුරක් පාපැදි ධාවනයේ යෙදෙනවා කියන්නේ දුෂ්කර කටයුත්තක්. අද (16දා) පොතුවිල්, හෙට (17දා) කතරගම, අනිද්දා (18දා) වැලිගම, ඉරිදා (19දා) වන විට කොළඹට ළඟා වෙනවා" යැයිද වැඩිදුර විස්තර කළේය.

මෙය හුදෙක්ම සවාරියකට පමණක් සීමා නොවන බවද සඳහන් කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම්වරයා

"පාපැදියෙන් තම තමන්ගේ ගමන් බිමන් කරනවා නම් සෞඛ්‍යයටත්, පරිසරයටත් ඉතාමත් හිතකරයි. ලංකාව වගේ පරිසරය උසස් මට්ටමකින් තිබෙන රටක විදේශිකයන් කොළ පාට රටක් විදියට (ට්පඥඥද ඛ්ධභදබපර) දකින රටක පාපැදි ධාවනය දියුණු මට්ටමකට ගෙන ඒම වැදගත්. අවුරුදු 50 සම්පූර්ණ වුණාම ඕනෑම කෙනෙක් නොයකුත් රෝග සඳහා කියමින් වෛද්‍යවරුන් ළඟට යනවා. එහෙත් මෙවැනි ක්‍රීඩාවක යෙදෙනවා නම් සියලු දෙනාටම නිරෝගී දිවියක් ගත කරන්න ලැබෙනවා කියන පණිවුඩය මෙම පාපැදි සවාරිය මඟින් අපි රටටම කියන්න බලාපොරොත්තු වෙනවා" යැයිද කීය.

සිරිනාම රාජපක්ෂ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon