ගම හදන්න රනිල් කෝටි 8,000ක් වෙන්කරයි

  👤  3111 readers have read this article !
By mawbima 2018-08-17

රුචිර දිලාන් මධුශංඛ

සෑම ගමකම ඇති අඩුපාඩු ඉදිරි කාලය තුළ හැකි ඉක්මනින් සපුරාලීම සඳහා රුපියල් කෝටි 8000ක මුදලක් වෙන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (16දා) පියවර ගෙන තිබේ.

මෙරට ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා මෙපමණ මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

තරුණ තරුණියන්ට රැකියා, ආදායම් මාර්ග ලබාදීම ඇතුළු ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා තවත් මුදල් අවශ්‍ය නම් ඒවාද නිදහස් කරන ලෙස අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

මීට අමතරව ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ග්‍රාම ශක්ති වැඩසටහන යටතේද ප්‍රතිපාදන ගමට ගෙන යන බව අගමැතිවරයා ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මැති ඇමැති හමුවකදී පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon