ලේ බැංකුවට දන් දුන් ලේ පැකට් 30ක් ඒඩ්ස්

  👤  3204 readers have read this article !
By mawbima 2018-08-17

බද්දේගම _ ඕ. කමලනාථ

රුධිර පරිත්‍යාගශීලීන් 4,27,063 දෙනකු 2017 වසරේ ලබාදුන් රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කිරීමේදී එච්.අයි. (ඒඩ්ස්) වයිරසය සහිත රුධිර සාම්පල 30ක් හමුවී ඇතැයි ජාතික, ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකයේ දත්ත පෙන්වා දෙයි.

එම දත්තවල සඳහන් පරිදි ගර්භණී මවුවරුන් 3,38,363 දෙනකුගේ රුධිර සාම්පල පරීක්ෂා කර ඇත. එහිදී එච්.අයි. වයිරසය සහිත රුධිර සාම්පල 15ක් හමු වී තිබේ. පෞද්ගලික රසායනාගාරවලින් පරීක්ෂා කරන ලද රුධිර සාම්පල 1,91,984ක එච්.අයි. වයිරසය සහිත රුධිර සාම්පල 52ක් හමු වී තිබේ. දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් පරීක්ෂා කළ රුධිර සාම්පල 1,27,897කින් එච්.අයි. වයිරසය සහිත රුධිර සාම්පල 170ක් හමු වී තිබේ.

බන්ධනාගාර ගතවූවන් 13,088ක රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් ඉන් 5ක එච්.අයි. වයිරසය ආසාදිත බවට තහවුරු වී තිබේ. ක්ෂය රෝගීන් 7,996කගේ රුධිර සාම්පලවලින් 9ක එච්.අයි. වයිරසය සහිත බව තහවුරුව තිබේ. 2017 වසරේදී එච්.අයි. වයිරසය සම්බන්ධයෙන් වූ රුධිර පරීක්ෂණ 1,171,596ක් කර ඇත. ඉන් 285ක් එච්.අයි. වයිරසය සහිත බවට තහවුරු වී තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන රට පුරා ශාඛා සායන 33ක් ක්‍රියාත්මක කරයි. ඕනෑම පුද්ගලයකුට ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ ඕනෑම ගැටලුවක් විස¼දා ගැනීම සඳහා සහාය වීමට ක්ෂණික ඇමතුම් අංකයක් දැන් ක්‍රියාත්මක බව එම ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon