ඉඩමක් නැති අයට ආණ්ඩුවෙන් පර්චස් 7ක්

  👤  3028 readers have read this article !
By mawbima 2018-08-17

රුචිර දිලාන් මධුශංඛ

රටේ කිසිදු ඉඩම් හිමිකමක් නොමැති ජනතාවට රජයේ ඉඩම්වලින් පර්චස් 7ක් බැගින් වූ ඉඩම් කැබැලි ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ ඇති ඉඩම් මෙසේ ජනතාවට බෙදා දීමට නියමිතය.

අදාළ වැඩසටහන යටතේ ජනතාවට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (16දා) රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට උපදෙස් දී ඇත.

ඉහත වැඩපිළිවෙළ යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13න් 12කම ජීවත්වන ඉඩම් හිමිකම් නොමැති ජනතාවට මෙම ඉඩම් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද කිරිඇල්ල අමාත්‍යවරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon