සීමා නිර්ණ වාර්තාව 24දා පාර්ලිමේන්තුවේ

  👤  3113 readers have read this article !
By mawbima 2018-08-17

නුවන් හෙට්ටිආරච්චි

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව සකස් කර අවසන් බවත් ලබන 24දා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

අගෝස්තු 24 වැනිදා එම සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් නව මැතිවරණ ක්‍රමයක් යටතේ ඉදිරි මැතිවරණය පැවැත්වීමට හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.

ජනවාරි මාසය තුළ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මෙම කමිටු වාර්තාව සම්මත වූ පසු හැකි බවත් එම නිසා මැතිවරණය තවදුරටත් කල් දැමීම නවතා මැතිවරණයකට සූදානම් වන ලෙසත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon