තලෙයිමන්නාරම මැදවච්චිය අතර දුම්රිය අද සිට නෑ

  👤  3125 readers have read this article !
By mawbima 2018-08-17

උපතිස්ස පෙරේරා, මැදවච්චිය _ ගයාන්

මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද (17දා) සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එසේ තීරණය කර ඇත්තේ එම මාර්ගයේ තිබෙන පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මාර්ගය වසා දමා ඇති කාලය තුළ මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා මෙසේ කීය.

දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4ක් ක්‍රියාත්මක වෙනවා. එය එසේම සිදුවන අතර මැදවච්චියේ සිට තලෙයිමන්නාරම වෙත යන මගීන් හට විශේෂ වැඩපිළිවෙළක් හෙට සිට ක්‍රියාත්මක කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon