පෞද්ගලික බස් වර්ජනය අසාර්ථකයි

  👤  2994 readers have read this article !
By mawbima 2018-08-17

උපතිස්ස පෙරේරා

පෞද්ගලික බස් සේවක සංගමය පෙරේදා (15දා) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් ආරම්භ කළද දැනට පවත්වන අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් ඇතැම් බස් රථ සංගම්වල සහාය නොලැබීමෙන් අසාර්ථක වූ බව අනාවරණය වෙයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග කිහිපයක පෞද්ගලික බස් ධාවනය සීමා වුවද ශ්‍රී ලංගමය හා වෙනත් සමාන්තර මාර්ගවල බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුවීම නිසා මගී ජනතාවගේ ගමන් බිමන් සඳහා සැලකිය යුතු බලපෑමක් සිදු නොවූ බව දක්නට ලැබිණි.

ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය මෙම වර්ජනයට සහාය පළ කරන බව ප්‍රකාශ කළද කොළඹ ආසන්න ප්‍රදේශවල ත්‍රිරෝද රථ සේවා සාමාන්‍ය පරිදි සිදුවිය. මීගමුව, ගම්පහ, නිට්ටඹුව නගරවල බස් සේවා මෙන්ම මහනුවර, ගාල්ල, මාතර, කතරගම, නුවරඑළිය, කුරුණෑගල, අනුරාධපුරය ඇතුළු දුරගමන් සේවාවන්ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.ශ්‍රී ලංගමයද තම ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ අතර වර්ජනය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවයේ යෙදවීමට අමතර බස් ඇණියක් සූදානම් කර තිබූ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon