සුඩාන සාම සාධක හමුදාවට ගිය පොලිස් නිලධාරියා වොලිබෝල් ශූරතාවකුත් රැගෙන එයි

  👤  3094 readers have read this article !
By mawbima 2018-08-17

72 වැනි ඉන්දීය නිදහස් දින ශූරතා කුසලාන වෙනුවෙන් සුඩානයේදී පසුගියදා පැවැති වොලිබෝල් තරගාවලියේ ශූරතාව හිමිකරගන්නට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. තිස්ස කුමාර මහතා ඇතුළු කණ්ඩායම සමත් වූහ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරිය සඳහා දකුණු සුඩානයට ගොස් සිටින ඔහු මහියංගණය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙසද කටයුතු කර ඇත. මෙම තරගාවලියට රටවල් 136ක ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායම් සහභාගි වී තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් තිස්ස කුමාර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර 1988/1989 ජාතික කනිෂ්ඨ වොලිබෝල් පුහුණු සංචිතයේද, 1991 වසරේ සිට ශ්‍රී ලංකා පොලිස් වොලිබෝල් සංචිතයේ සාමාජිකයකු ලෙසද ක්‍රීඩා කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon