පැටවුන්ට රැකවරණය දෙන අලි අම්මලා

  👤  3105 readers have read this article !
By mawbima 2018-08-17

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

සත්ත්ව ලෝකයේදී බොහෝමයක් සතුන් තම පැටවුන් හට ආදරය සෙනෙහස දක්වන ආකාරය අප දැක තිබේ. ඒ අතර තම පැටවුන් හට එලෙස ආදරය රැකවරණය ලබාදෙන වන අලියාද සුවිශේෂී සත්ත්වයෙකි.

පැටවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වෙමින් අනෙකුත් කරදර උපද්‍රව තුළින් පැටවුන් රැක ගැනීමට ඇතින්නක කටයුතු කරන්නේ දිවි පරදුවට තබාය. එවැනි අවස්ථා වනය තුළදී පමණක් නොව බාහිර පරිශ්‍රය තුළදීද දක්නට ලැබෙන දෙයකි.

එවැනි අපූරු සිද්ධියක් පසුගිය දිනයක යාල ජාතික වනෝද්‍යානයේදී දැක ගන්නට ලැබුණි. යාල සෆාරි අවසන් කර ආපසු එමින් තිබූ ජීප් රථ අතරට කොටිගල ප්‍රදේශයේදී පාර හරහා මාරු වීමට පැමිණි වන අලි රංචුවක සිටි ඇතින්න තම පැටවුන් හට රැකවරණය ලබා දෙමින් ජීප් රථ සඳහා මඟ අහුරමින් පැටවුන් පාර මාරු වී වනයට යන තෙක් ඔවුන්ට රැකවරණය ලබා දෙන ආකාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් සිද්ධියක් විය. විනාඩි 30කට අධික කාලයක් මේ සඳහා ගත වුවත් එය සංචාරකයන්ගේ සිත් සතන් පිනවන කාරණයක් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon