සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අස්සන් කර ඇත්තේ නීතියට අනුවයි

  👤  3094 readers have read this article !
By mawbima 2018-08-17

නුවන් හෙට්ටිආරච්චි

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම නීත්‍යනුකූලව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අස්සන් කර ඇති බවත් ඊට නීතිපතිගේ අනුමැතියද ලැබී ඇති බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16දා) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ව්‍යවස්ථානුකූලව මෙම වෙළෙඳ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් රේඛීය අමාත්‍යාංශයට හෝ අමාත්‍යවරයකුට සෘජුවම මෙලෙස වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසීය. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා නිසි අධ්‍යයනයක යෙදී අවශ්‍ය කාලයද වැයකොට ඉතාමත් යහපත් ලෙස නිදහස් වෙළෙඳ ගිවිසුමක් සකස් කොට දැනට ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන් කරන අමාත්‍යවරයා යම් ලෙසකින් රටට අහිතකර වගන්තියක් මෙම ගිවිසුම තුළ තිබේ නම් ගිවිසුම අස්සන් කළ දින සිට අවුරුද්දක් ඇතුළත අදාළ ගිවිසුමට සංශෝධන ඇතුළත් කළ හැකි බවත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon