LED බල්බ මිලියන 10ක් ජනතාවට ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය සැරැසෙයි

  👤  3158 readers have read this article !
By mawbima 2018-08-17

හර්ෂණී අර්සකුලරත්න

සහනදායී පදනමක් යටතේ ඉදිරි මාස කිහිපය තුළදී එල්.ඊ.ඩී. (LED) බල්බ මිලියන 10ක් ලක්ෂ 28ක් පමණ වූ පිරිසකට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.

රාත්‍රි කාලයේදී ඇති වන අධික විදුලි ඉල්ලුම හේතුවෙන් විදුලි පරිභෝජනය එම කාල පරාසයේදී ඉහළ යන බවත් එල්.ඊ.ඩී. බල්බ මිලියන 10ක් පමණ ප්‍රමාණයක් බෙදාහැරීම තුළින් සැලකිය යුතු විදුලි ඉතිරියක් ඇති වන බවත් ඇමැතිවරයා කීවේය. ගෙඩි බල්බවලින් සී.එෆ්.එල්. වෙත සංක්‍රමණය වී යම් විදුලි ඉතිරියක් සිදු කරගත් අප අද වන විට එල්.ඊ.ඩී. බල්බවලට සංක්‍රමණය වී වැඩි ඵලදායිතාවක් උදා කරගත යුතු යැයිද ඔහු පැවැසුවේය.

මේ බල්බ බෙදාහැරීම තුළින් මෙගාවොට් 300ක බලාගාරයක් නතර කිරීම හා සමාන විදුලි ඉතිරියක් බලාපොරොත්තු විය හැකි යැයිද ප්‍රකාශ කළේය.
වාරික 24කින් සහනදායී ලෙස ගෙවා නිම කළ හැකි අයුරින් බෙදාදෙන මේ එල්.ඊ.ඩී. බල්බ බෙදාදීමෙන් මහජනතාව අතර එම බල්බ ව්‍යාප්ත කරවීමත් ඒවායේ ඵලදායිතාව මහජනතාවට හඳුනා ගැනීමට අවස්ථාවක් උදාකර දීමත් බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.

වෙළෙඳපොළේ අධික මිල ගණන් යටතේ එල්.ඊ.ඩී. බල්බ අලෙවි වන බවත් මෙම බෙදාහරින එල්.ඊ.ඩී. බල්බවලට අදාළ ටෙන්ඩරය වෙළෙඳපොළේ විකිණෙන මිලට වඩා තුන් ගුණයකටත් අඩු මිල ගණන් යටතේ හිමි වූ බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පෙරේදා (14දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon