“විදුල්කා” ප්‍රදර්ශනය අද සිට තෙදිනක් ඕර්ධ්ඛ්ඩ් හිදී

  👤  3213 readers have read this article !
By mawbima 2018-08-17

හර්ෂනී අර්සකුලරත්න

"විදුල්කා" ජාතික බලශක්ති ප්‍රදර්ශනය අද (17)දා ඇරඹෙන අතර එය හෙට සහ අනිද්දා (18,19) දක්වා පැවැත්වේ. ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානෝත්සවය මේ මස 21දා පස්වරුවේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

විදුල්කා බලශක්ති ප්‍රදර්ශනය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බලශක්තිය හා සම්බන්ධ සියලු අංශවල බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හා පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම මේ ප්‍රදර්ශනයේ සහ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අරමුණුය.

බලශක්ති කාර්යක්ෂමතාව සහ බලශක්ති කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා වූ සුවිශේෂී අදහස් ප්‍රදර්ශනය කිරීම සඳහාත් නවෝත්පාදන හා නව නිපැයුම්කරුවන් සඳහාත් මේ ප්‍රදර්ශනය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

ප්‍රදර්ශකයන් 160කගේ පමණ මෙහි ප්‍රදර්ශන කුසලතා එළි දැක්වෙන අතර දෙස් විදෙස් බලශක්ති ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, සැපයුම්කරුවන් සහ නවෝත්පාදන ආයතන ආවරණය වන පරිදි මේ ප්‍රදර්ශනය සැලසුම් කර ඇත.

මෙමඟින් විදුලිබල ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණික දැනුම මහජනතාවට නොමිලයේ ලබාගැනීමට අවස්ථාවක්ද ලැබෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon