මහින්ද රාජපක්‍ෂ පත් කළ කමිටු වාර්තාව එන විට විපක්ෂ නායක ධුරය හිමි වෙන්නේ එජාපයටයි

  👤  3326 readers have read this article !
By mawbima 2018-08-17

රුචිර දිලාන් මධුසංඛ

විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ස්වාධීන විය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පත් කළ කමිටුවේ වාර්තාව එන විට එම තනතුර හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.

ලබන 5 වැනිදා කොළඹ පැවැත්වෙන විරෝධතාවයෙන් එක්සත් ජාතික පක්ෂයට එම තනතුර ලබාදීමේ සටන අරඹන බවද මන්ත්‍රිවරයා කීවේය.
කොළඹ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

'විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටියට අපට පාර්ලිමේන්තුවේ කාලය ලැබෙනවා නම් කමිටුවලට අවශ්‍ය මන්ත්‍රි ධුර ප්‍රමාණය අපට ලැබෙනවා නම් ඔය විපක්ෂ නායක තනතුරෙන් අපිට ඇති වැඩක් නෑ. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටියට අපි පොදු මතයට එකඟ වෙනවා. පක්ෂ නායක රැස්වීමේදී මහින්ද මහතා කමිටුවක් දැම්මා. ඒකෙ තීරණය ගැන අපි බලමු. අනිවාර්යයෙන්ම මේ තීරණය එනකොට විපක්ෂ නායක තනතුරු එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව අපට ස්ථීරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon