කථානායක කරු වෙනුවෙන් හිටපු කතානායක චමල් කතා කරයි

  👤  3676 readers have read this article !
By mawbima 2018-08-16

රුචිර දිලාන් මධුශංඛ

විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායකවරයා තීන්දුවක් දුන් පසු එය අභියෝගයට ලක් කිරීමේ කිසිදු හැකියාවක් නැතැයි හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්‍ෂ 'මව්බිම'ට පැවැසීය.

හරි වේවා වැරැදි වේවා එම තීන්දුව භාරගත යුතු බවද හිටපු කථානායකවරයා කීවේය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමේ මෙහෙයුම සඳහා කණ්ඩායමක් හැටියට ගන්නා ඕනෑම තීන්දුවකට තමන් දායක වන බවත් හෙතෙම කීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ගෙන ඇති තීරණය ගැන තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේදී තීන්දුවක් ගන්නා බවත් හිටපු කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon