ඩිලන්ත මාලගමුව පොලිසියට සියල්ල හෙළි කරයි

  👤  3301 readers have read this article !
By mawbima 2018-08-16

චාමර අමරසූරිය

තමා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට සිදු කළ පැමිණිල්ලකට අනුව සුප්‍රකට මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතාගෙන් පැයකට ආසන්න කාලයක් බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ඊයේ (15දා) ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

කැලණිය ප්‍රදේශයේ දේශපාලනඥනයකුට චෝදනා එල්ල කරමින් ඩිලන්ත මාලගමුව මහතා මීට පෙරද මේ පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කැඳවීමට අනුව මෙම ප්‍රකාශ සටහන් කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ පෙරේදා (14දා) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මීට අදාළ කරුණු ඩිලන්ත මාලගමුව මහතාගෙන් විමසා තිබිණි.

මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් ඔහු පොලිස් නිලධාරීන්ට සිය ප්‍රකාශ හරහා ලබා දී ඇති බවද උසස් පොලිස් නිලධාරියකු "මව්බිම"ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon