සේවක වර්ජනවලට අපේ උදවු නෑ බදුල්ල-කොළඹ 99 පෞද්ගලික බස් සේවක සංගමය

  👤  3151 readers have read this article !
By mawbima 2018-08-16

හාලිඇළ - පියල් කිත්සිරි

කිසිදු බස් සේවක වර්ජනයකට තමන් සහාය ලබා නොදීමට තීරණය කර ඇතැයි 99 බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවක සංගමය ප්‍රකාශ කරයි.

අසාධාරණ ලෙස පොලිසිය මඟින් දඩ අය කිරීමට එරෙහිව යැයි ප්‍රකාශ කරමින් පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් රට පුරා පෞද්ගලික බස් වර්ජනයක් දියත් කරන බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව ඊයේ (15දා) මාධ්‍ය හමුවක් පවත්වමින් සිය සංගමය මෙම වර්ජනයට කිසිදු සහායක් ලබානොදෙන බව 99 බදුල්ල - කොළඹ පෞද්ගලික බස් සේවක සංගමයේ සභාපති අනුර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය.

රාජපක්‍ෂ මහතා මෙසේද කීය.

රජය මඟින් සියලු රථ වාහන දඩ වැඩි කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවලියක්. මේ දඩ වැඩි කිරීම, පෞද්ගලික බස් රථවලට පමණක් බලපාන දෙයක් නෙවෙයි.

එය යතුරුපැදියේ සිට සියලු වාහන පදවන රියැදුරන්ට බලපාන දෙයක්. මේ නිසා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු රියැදුරු සංගම් ගණනාවක් සමඟ සිය සංගමය මේ වන විටත් මෙම අසාධාරණ දඩ ක්‍රමයට එරෙහිව රට පුරා සමස්ත රියැදුරන්ගේ වර්ජනයක් ඇරැඹීමට සැලසුම් කර තිබියදී එය කඩාකප්පල් කිරීමේ අරමුණින් රජයේ වුවමනාවට කඩිමුඩියේ මෙම වැඩ වර්ජනය කැඳවා ඇතැයි ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන මේ මොහොතේ වැඩ වර්ජන කැඳවීමෙන් බස් සේවකයන් ජනතා අප්‍රසාදයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි පැවැසූ අනුර රාජපක්‍ෂ මහතා එම නිසා මෙම බස් සේවක වැඩ වර්ජනයට සිය සංගමය නියෝජනය කරන කිසිදු සාමාජිකයකු සහභාගි නොවන බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon