අද බස් වර්ජනය හරියයිද-නැද්ද?

  👤  3284 readers have read this article !
By mawbima 2018-08-16

උපතිස්ස පෙරේරා

පෞද්ගලික බස් රථ සේවකයන් විසින් ඊයේ (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ඇරැඹීමට නියමිතව තිබූ වැඩ වර්ජනය දියාරු වන ලකුණු ඊයේ සවස් වන විට දක්නට ලැබිණි.

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය හේතුවෙන් මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එකඟ වීමට හැකියාවක් නැතැයි බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක නියෝජිතයෝ සඳහන් කළහ.

ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් කිහිපදෙනකුද සඳහන් කළේ තමන් එදා වේල යැපෙන්නේ දිනපතා උපයා ගන්නා සොච්චම් මුදලකින් බැවින් එයද අහිමි වුවහොත් තම දරු පවුල් කුසගින්නේ තැබීමට සිදුවන බවයි.

මේ අතර මගී ජනතාව සඳහන් කරන්නේ මාර්ග නීති කඩ කරන රියැදුරන්ට නීති මඟින් ක්‍රියා කිරීම සාධාරණ බවත්, නව දඩ මුදල් චක්‍රයට එරෙහි වන්නේ මාර්ග නීති උල්ලංඝනය කරන පෞද්ගලික බස් රියැදුරන් බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon