ඇමැති මංගල රටට ද්‍රෝහි වී තිබෙනවා

  👤  3265 readers have read this article !
By mawbima 2018-08-16

මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසින් අස්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කළ අයුරින්ම හිටපු විදේශ ඇමැති මංගල සමරවීර විසින් ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට අනුග්‍රහය දැක්වීම පිළිබ¼දවත් සොයා බැලිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

අමරසේකර මහතා මෙසේ පැවැසුවේ රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන කාර්යාලයේදී ජාතික සංවිධාන එකමුතුව පසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

මලික් සමරවික්‍රම ඇමැතිවරයා විසින් නිසි අනුමැතියකින් තොරව අස්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන සෙවීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. ඉතින් ඒ ආකාරයටම ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ පිළිබඳ සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙනෙන ලද යෝජනාවට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අනුග්‍රහය දැක්වීම පිළිබඳවත් විමසා බැලීමට කමිටුවක් පත් කළ යුතුයි. ලංකාවට එරෙහිව ගෙනෙන ලද යෝජනාවට අනුග්‍රහය දැක්වීම මඟින් මංගල සමරවීර මහතා රටට ද්‍රෝහී වී තිබෙනවා. ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ සෙවීමේ යෝජනාවට රටක් වශයෙන් අනුග්‍රහය දැක්වීමට හිටපු විදේශ ඇමැතිවරයා කැමැත්ත පළකර ඇත්තේ ඔහුගේ තනි මතයටයි. අඩු තරමින් ඔහු ඒ සඳහා අපේ කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියවත් ලබා ගෙන නැහැ.

යුද අපරාධ පිළිබඳ සෙවීමේ යෝජනාවට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළකිරීම නිසා ආරක්ෂක හමුදාවන්ට දඬුවම් කිරීමට හැකි ප්‍රතිපාදන සකස් කිරීමට සිදුවුණා. ඒ සඳහා පනත් තුනක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිදු වුණා. ඒ වගේම මියගිය ත්‍රස්තවාදීන්ගේ යැපෙන්නන්ට වන්දි ගෙවීම සඳහා පනතක් සම්මත කිරීමට සිදුවුණා. මංගල සමරවීර හිටපු විදේශ ඇමැතිවරයා රට ජාත්‍යන්තර උගුලක සිරකරලයි තිබෙන්නේ.

ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ආරක්ෂක උපදේශකයාගේ වාර්තාවක් උපුටා දක්වමින් එංගලන්තයේ නේස්බි සාමිවරයා විසින් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ලංකාවේ යුද අපරාධ සිදුවී නැහැ කියලා. නේස්බි සාමිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලීමක් පවා කරලා තිබෙනවා ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස.

සපුමල් ජයසේන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon