මවගේ හිසට පොල්ලකින් ගැසූ පුතා 21දා තෙක් රිමාන්ඩ්

  👤  3250 readers have read this article !
By mawbima 2018-08-16

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

තම මවගේ හිසට පොල්ලකින් ගසා මවට බරපතළ තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදුව අධිකරණයට ඉදිරිපත් කෙරුණ තුවාලකාරියගේ පුතා ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා නියම කළේය. මිනුවන්ගොඩ, ජාපාලවත්ත පදිංචිකරුවකුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකරු බීමතින් නිවෙසට පැමිණ බිරියට පහර දෙන අවස්ථාවේ එය සමථයකට පත් කිරීමට සැකකරුගේ මව ඉදිරිපත්ව සිටි අවස්ථාවේ සැකකරු මෙසේ තම මවගේ හිසට පොල්ලකින් පහරදී ඇති බවත් පහරකෑමෙන් තුවාල ලත් සැකකරුගේ මව මිනුවන්ගොඩ දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය. එම පහරදීම 12 වැනිදා රාත්‍රියේදී සිදුව තිබිණි.

සැකකරු අවුරුදු 18 වයසැති තම බිරියට පහරදීම සම්බන්ධයෙන්ද මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයෙන් ඇප ලබා සිටින අයකු බවටද සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon