සිංගප්පූරුවේ සිට රන් බිස්කට් 10ක් නීති විරෝධීව ගෙන ආ දෙදෙනෙක් රේගු දැලේ

  👤  3202 readers have read this article !
By mawbima 2018-08-16

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් ලක්‍ෂ 65ක් පමණ වටිනා කිලෝග්‍රෑම් එකක් බර රන් බිස්කට් 10ක් සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එක් අයකු 44 හැවිරිදි මහබාගේ පදිංචිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා කොළඹ පදිංචි 43 හැවිරිදි අයෙකි.

ඔවුන් දෙදෙනා පසුගිය 18 වැනිදා රාත්‍රි 11.00ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 309 සහ යූ.එල්. - 124 දරන ගුවන් යානාවලින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.

මෙයින් එක් අයකු තමන් හැඳ සිටි කලිසම වටා බැඳ තිබූ ඉණපටිය තුළත්, අනෙක් පුද්ගලයා සිය ගමන් මල්ල තුළත් මෙම රන් බිස්කට් සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.

සහකාර ගාස්තු නිලධාරි ලක්මාල් සුමනරත්න මෙම මගීන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්. සේනාරත්න මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්‍ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ඊ.එම්.ජේ. නවරත්න, රේගු අධිකාරිවරුන් වන ආර්.කේ.එම්. දයානන්ද, එස්. රණසිංහ සහ සහකාර ගාස්තු නිලධාරි සඳුන් බටගොඩ යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon