ජනපතිගෙන් දින නොමැති බව කියා රුහුණ සරසවි නව ශ්‍රවණාගාරය විවෘත කිරීම පාලකයන් කල් දමනවා - මහා ශිෂ්‍ය සංගමයෙන් චෝදනා

  👤  3209 readers have read this article !
By mawbima 2018-08-16

රුහුණ විශ්වවිද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින නොමැති වීම නිසා එම සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයද දිනෙන් දින කල් දැමීමට විශ්වවිද්‍යාල පාලකයෝ කටයුතු කරතියි එහි මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.

මෙම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ආසන්න පසුගිය වසර පහේ පැවැත්වූයේ මැයි-ජුනි මාසවලය. නමුත් මෙවර සැප්තැම්බර් දක්වා කල් දැම්මේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමෙන් පසු උපාධි ප්‍රදානෝත්සවය එහි පැවැත්වීමේ අරමුණින් බවද පවසන මහා ශිෂ්‍ය සංගමය එහෙත් විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපතිවරයාගේ දින නොමැතිවීම බවද කියයි.

තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළද කිසිදු පාලකයකුට වසර 40ක් තිස්සේ රුහුණ සරසවියට ශ්‍රවණාගාරයක් ඉදිකරදීමට නොහැකි වූ බවත් ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ පසු උන්හිටිතැන් අමතකව විළිලැජ්ජාවක් නැතිව එය විවෘත කිරීමට පැමිණීම වැදගත්ම කරුණ බවත් මහා ශිෂ්‍ය සංගමය පවසයි.

මේ අතර රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා කඹුරුපිටියේ ඉදි කරන ලද ගොඩනැඟිලි සංකීර්ණය අද (16දා) විවෘත කිරීමට නියමිත නමුත් එම පීඨයේ සියලු සිසුන්ට නිවාඩු දී ඇතැයිද සිසුන්ගෙන් තොර විශ්වවිද්‍යාලයක මේ සන්දර්ශන පැවැත්වීම විහිළුවක් බවද සංගමය පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon