ගනුදෙනුවලදී ඉතිරි රුපියල-දෙක කොහෙත්ම නොලැබෙන බව ජනතාව කියති

  👤  3249 readers have read this article !
By mawbima 2018-08-16

උපතිස්ස පෙරේරා

බස් ගාස්තු අය කිරීම ඇතුළු වෙනත් අවස්ථා කිහිපයකදී ඉතිරි මුදල් නොදීම නිසා තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පාරිභෝගික ජනතාව චෝදනා කරති.

කොටුව - නාරාහේන්පිට අතර ගමන් ගාස්තුව රුපියල් 19ක්ද නුගේගොඩ - කොටුව අතර ගමන් ගාස්තුව රුපියල් 24ක්ද වන අතර එම ගමන් ගාස්තුව අය කරන කිසිදු මාර්ගයක ඉතිරි රුපියල නොදෙන බව ඔවුහු පෙන්වා දෙති. ඇතැම් බස් රථවල රුපියල් 2ක ඉතිරි මුදලද නොදෙන බවත් මේ ආකාරයෙන් දෛනිකව අති විශාල මුදලක් ඔවුන් පිල්ලි ගසන්නේ ඇති තරම් මාරු කාසි ඔවුන් සතුව තිබියදී බවත් බස් මගීහු පවසති. ඉතිරි මුදල් තබා අවම වශයෙන් ප්‍රවේශ පත්‍රයක්වත් ඔවුන් නොදීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිසමද මුනිවත රකින බව ඔවුහු පවසති.

මේ අතර දෛනිකව ඉතා විශාල ලෙස අලෙවි වන රුපියල් 99,199 ඇතුළු ඩේටා කාඩ් මිලට ගැනීමේදී ඉතිරි රුපියල වෙළෙඳුන් විසින් නොදෙන බවත් එමඟින් දෛනිකව විශාල මුදලක් ඔවුන් ගසා කන බවත් පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

එමෙන්ම ඇතැම් සමාගම් අලෙවි කරන අවසන් අගය රුපියල් 99ක් වන පාවහන් අලෙවියේදීද ඉතිරි රුපියල නොලැබෙන බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon