මුස්ලිම් සේවක වැටුප් 22දාට පෙර ගෙවන්න

  👤  3286 readers have read this article !
By mawbima 2018-08-16

ලක්ෂ්මී ජයකොඩි

හජ්ජි උත්සවය මේ මස 22දා පැවැත්වෙන බැවින් ඊට පෙර සියලු රාජ්‍ය මුස්ලිම් සේවක සේවිකාවන්ට මේ මාසයට අදාළව ගෙවිය යුතු වැටුප ලබා දෙන්නැයි ඉල්ලමින් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

මුස්ලිම් ජනතාව හජ්ජි උත්සවය සැමරීම සිදුකරන එළැඹෙන 22දාට පෙර මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ නම් එය එම ජනතාවට මහත් සහනයක් වනු ඇති බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon