හැකි නම් ස්වාධීන වෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑම කෙනකු සමඟ ඔට්ටුවක් අල්ලන්න සූදානම්

  👤  3230 readers have read this article !
By mawbima 2018-08-16

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුව තුළ හැකිනම් ස්වාධීන වෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සමඟ තමා ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රකාශ කළ ආකාරයට තමා සිතුවේ පසුගිය අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී එම තීන්දුව ගනීවි කියා බවත් එසේ නොකොට ඒ ගැන තීරණයක් ගැනීමට කමිටුවකට භාරදී තිබෙන්නේ එම තීරණය කල්දැමීමට බවද අමාත්‍ය කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

රටේ පවතින නීතිය අනුව පාර්ලිමේන්තුව තුළ දේශපාලන පක්ෂයකින් තරග කරන ලද කවරකු හෝ ස්වාධීන වුවහොත් අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ හෝ එම කණ්ඩායමේම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර අහෝසි වන බවත් මේ කාරණය හොඳින් දන්නා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන නොවන බවට තමාට විශ්වාස බවද අමාත්‍ය කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon