ශ්‍රී ලංකා විශිෂ්ටතා වාර්ෂික වාර්තා සම්මාන තරගයට අයැදුම්පත් බාර ගැනීම අගෝ: 31දායින් අවසන්

  👤  3188 readers have read this article !
By mawbima 2018-08-16

නුවන් හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා විශිෂ්ටතා වාර්ෂික වාර්තා ඇගැයීමට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වාර්ෂික වාර්තා සම්මාන තරගය සඳහා අයැදුම්පත් කැඳවයි.

54 වැනි මෙම වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම 2018 අගෝස්තු 31 දිනෙන් අවසන් වන බවත් 2017.04.31 සිට 2018.04.31 අවසන් වන වසර සඳහා වාර්ෂික වාර්තා ඇගැයීම් පමණක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය භාර ගන්නා බවත් සඳහන් වේ.

'සුවිශේෂී බුද්ධික මූර්තිය' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විශිෂ්ට වාර්ෂික තරගාවලිය සඳහා බහු ජාතික සමාගම්, සමූහ ව්‍යාපාර, රාජ්‍ය නොවන ව්‍යාපාර ඇතුළු ඕනෑම වර්ගයේ ව්‍යාපාරයකට අයැදුම් කළ හැකි බවත් එම ආයතනය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon