විවාහ කරගන්නා පොරොන්දුව මත 19 වියැති තරුණියක් කැඳවාගෙන ඇවිත් විවිධ අයට ඉහළ මුදලකට විකුණලා 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

  👤  300 readers have read this article !
By mawbima 2018-08-15

සීදුව - නිශ්ශංක

සීදුව පොලිසිය විසින් බණ්ඩාරවත්ත, රාජපක්‍ෂපුරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී විසිවැනි වියේ පසුවන තරුණයෙක් දහනමවැනි වියේ පසුවන රූමත් තරුණියක් වසර දෙකක් පුරාම තම භාර්යාව ලෙස තබාගෙන විවිධ පුද්ගලයන්ට ඉතා ඉහළ මුදලකට අලෙවි කරමින් එම මුදල්වලින් හෙරොයින් රැගෙන විත් අලෙවි කරමින් කුඩු භාවිතයට තදින් ඇබ්බැහිව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 1116ක් තිබී ඇති අතර සැකකරු තමා මින් වසර දෙකකට ඉහතදී එවකට දාහත්වැනි වියේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ රුමත් තරුණියක් විවාහ කර ගැනීමේ පොරොන්දුව මත තබාගෙන ඉහත කී ආකාරයට මුදල් උපයමින් විවිධ පුද්ගලයන් වෙත යවමින් ලැබෙන මුදල්වලින් හෙරොයින් ගෙනවිත් අලෙවියට සහ පානයට පුරුදුව ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගැනීමෙන් අනතුරව සැකකරු සීදුව පොලිසිය විසින් මීගමුව අධිකරණය වෙත පමුණුවා ඇත.

සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජි.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සීදුව පොලිසියේ දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එම්.එච්.ජී. රණසිංහ (47224), පොලිස් කොස්තාපල් බණ්ඩාර (90207), පොලිස් කොස්තාපල් අමරසිංහ (72419) පොලිස් කොස්තාපල් කැලුම් (72600) යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon