මන්ත්‍රින්ගේ සුඛෝපභෝගී පැකේජය ජනපති ඉවත දමා නැති බව කීවත් කැබිනට් පත්‍රිකාව ඊයේත් නෑ

  👤  349 readers have read this article !
By mawbima 2018-08-15

එක්සත් ජාතික පක්‍ෂයේ අධීක්‍ෂණ මන්ත්‍රිවරුන් සඳහා සුඛෝපභෝගී පැකේජයක් ලබාදීම සඳහා ඉකුත් 7දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉවත දැමුවේ නැතැයිද, එය ඉදිරි දිනක ඉදිරිපත් කරන බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකු සඳහන් කළද, අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (14දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුණු බව වාර්තාවේ.

වාහනයක්, සීමාරහිත ඉන්ධන දීමනාවක්, කාර්යාලයක්, මාසික දීමනාවක්, හත්දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා දුරකථන දෙකක්ද මෙම පැකේජයට ඇතුළත් කර තිබිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එම කැබිනට් පත්‍රිකාවට විරෝධය පළ කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon