අන්තර්ජාලයේ මේ දිනවල ප්‍රචාරය වන නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවන්නේ නැති බව කීම අමූලික බොරුව් අමාත්‍යවරයාට මඩ ගහන වැඩක් බව කියයි

  👤  374 readers have read this article !
By mawbima 2018-08-15

නුවන් හෙට්ටිආරච්චි

ගුරුවරුන්ට නිවාඩු මාසවල ගුරු වැටුප් නතර කරන්නේ යැයි සඳහන් කරමින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය වන පුවත සම්පූර්ණ අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා නිවාඩු මාසවල ගුරු වැටුප් ගෙවීම නතර කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය වන මෙම පුවතේ යටි අරමුණ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බදුල්ලේදී පැවැසූ බව දක්වමින් වෙබ් අඩවියක පළවූ මෙම අසත්‍ය පුවත තවත් කණ්ඩායම් විසින් මුදල් ගෙවා ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ ව්‍යාප්ත කරමින් පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය එම නිවේදනයෙන් සඳහන් කරයි.

සිතාමතා ද්වේශ සහගතව අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට හානි වන ලෙස තොරතුරු පළ කර ඇති අදාළ වෙබ් අඩවි සහ අදාළ සමාජ මාධ්‍ය ජාලා තුළ සැලැසුම් සහගතව අසත්‍ය පුවත් ප්‍රචාරය කළ පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් පිළිබඳව අමාත්‍යාංශය මට්ටමින් අද (15දා) පොලිසියට ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon