අධික වැසි හේතුවෙන් මහනුවර තාප්පයක් කඩා වැටී වාහන තුනකට දැඩි හානි

  👤  380 readers have read this article !
By mawbima 2018-08-15

මහනුවර - නදීක දයා බණ්ඩාර

මහනුවර කොළඹ වීදිය හා වඩුගොඩපිටිය වීදියට සම්බන්ධවන පටු මාවතට සමාන්තරව පිහිටි විශාල තාප්පයක් ඊයේ (14දා) පස්වරුවේ කඩා වැටීම නිසා පටු මාර්ගයේ නවතා තිබුණු වාහන තුනකට දැඩි හානි සිදුව තිබේ.

මහනුවර සිංහ රෙජිමේන්තු මූලස්ථානයට මිඩ්ලන්ඩ් වීදියේ පිහිටි මෙම තාප්පය වසර ගණනාවක් පැරණි අතර පවතින අධික වැසි හේතුවෙන් තාප්පය කඩා වැටී ඇතැයි සැක මතුව තිබේ.

අනතුරින් පුද්ගල හානි කිසිවක් වාර්තා නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon