සිකුරාදා ඛ්ධ්ච්ය මහින්දගේ ගෙදරට යයි

  👤  3174 readers have read this article !
By mawbima 2018-08-15

චාමර අමරසූරිය

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබන 17 වැනිදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසිය තීරණය කර තිබේ.

මීට අදාළ දැනුම් දීමේ ලිපිය පෙරේදා (13දා) රහස් පොලිසිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු යොදා ඇත.

එදින පෙරවරු 10.00ට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවද රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තවද අවස්ථා කිහිපයකදීම මීට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාගෙන් රහස් පොලිස් නිලධාරීන් ලිඛිතව ඉල්ලා සිට ඇතැයිද එම ආරංචිමාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon