ළමයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සිකුරාදා ඛ්ධ්ච්ය මහින්දගේ ගෙදරට යයි

  👤  3220 readers have read this article !
By mawbima 2018-08-15

ළමයින් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම ස¼දහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජනා සිල්වා මහත්මිය පෙරේදා (13දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.

ඉකුත් 12 වැනිදා සවස කොළඹ ලෝටස් පාරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනී මැරුම් හා මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පො.ප. නිශාන්ත සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පෙරේදා (13දා) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඉහත කී අවසරය ලබා දෙනු ලැබීය.
එසේම මෙම නඩුවට අදාළ ප්‍රධාන නඩු කටයුත්ත කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බැවින් සැකකරු ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තවද මෙම සැකකරුට එරෙහිව මෙම නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළව අභියාචනාධිකරණය විසින්ද වරෙන්තු නිකුත් කර තිබිණි.

සැකකරු 2017 වසරේ අප්‍රේල් 17 වැනිදා පොල්වත්ත ගාල්ලගේ අශෝක යන නමින් ජාතික හැඳුනුම්පතක් සහ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරවාගෙන මැලේසියාවට පිටව ගොස් සිට නැවත 2018 මාර්තු මාසයේ මෙරටට පැමිණ ‍ෙදාම්පේ ප්‍රදේශයේ පොල්වත්තක මුරකරුවකු ලෙස සේවය කරමින් සිට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.

මේ සිද්ධියට අදාළව මේ වනවිට නාවික හමුදාවේ හිටපු සම්පත් මුණසිංහ, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක, නාවික හමුදාවේ හිටපු බුද්ධි නිලධාරි රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්නගේ ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් ගම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඉහළගෙදර ධම්මික ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණි සහ බුද්ධි නිලධාරීන් අරුණ තුෂාර ද මෙන්ඩිස් යන අයවලුන් මේ වනවිට ඇප මත සිටින සිද්ධියට අදාළ නඩුව අද (15දා) යළිත් කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon