කොළඹ පල්ලම් බසී 124 සිට 133ට වැටිලා

  👤  3077 readers have read this article !
By mawbima 2018-08-15

දෙනගම ධම්මික රණවීර

ලෝකයේ ජීවත්වීමට සුදුසුම නගර අතර පසුගිය වසරේ 124 වැනි ස්ථානයේ පසු වූ කොළඹ නගරය මේ වසරේදී 133 වැනි ස්ථානය දක්වා පසු බැස ඇත.

'ලෝක ආර්ථික බුද්ධි ඒකකය' වාර්ෂිකව සිදු කරන නිරීක්ෂණ අනුව එම තොරතුරු අනාවරණය කර ඇත. සමාජ ස්ථාවර බව, සංස්කෘතිය, අධ්‍යාපනය, දේශපාලනය ආදී කරුණු රැසක් පදනම් කර ගනිමින් ලොව හොඳම නගර නම් කරනු ලබයි.

එහෙත් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව එම දර්ශකවලින් පහළට වැටී ඇතැයිද එම ඒකකය සඳහන් කර තිබේ.

රටවල් 140ක නගර සැලකිල්ලට ගෙන එම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබයි. එම වාර්තාව අනුව ජීවත්වීමට සුදුසුම නගරය ඕස්ටි්‍රයාවේ 'වියානා' නගරයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon