‘නේවි සම්පත්’ කවුද?

  👤  3343 readers have read this article !
By mawbima 2018-08-15

තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරුවකු වී සිටින 'නේවි සම්පත්' හෙවත් නිලන්ත සම්පත් මුණසිංහ නමැත්තා මීට වසර කිහිපයකට පෙර සිද්ධියට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර පසුව අධිකරණය මඟින් ඇප මත ඔහු මුදා හැර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කළ පැමිණිල්ලකට අනුවය. ඒ බෝම්බ සහ නීති විරෝධී ආයුධ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබිණි.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (14දා) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කිහිප වතාවක් කොටුව අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි, සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තෙකි.

අත්අඩංගුවට ගත් එම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මාධ්‍යයට දන්වා තිබුණේ 'නේවි සම්පත්' බවටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon