රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කරන්න කොමිසමක්

  👤  3164 readers have read this article !
By mawbima 2018-08-15

රුචිර දිලාන් මධුශංඛ

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කොට ඇත.

සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත් කරනු ලැබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම වැටුප් කොමිසම පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

රාජ්‍ය අංශයේ පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නාවූ වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද අවධානය යොමුකර ඒ හරහා රාජ්‍ය සේවයට ඇතිවන්නා වූ බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙකක කාලයක් ලබා දී ඇත.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි දුම්රිය සේවාවද ඇතුළු වැටුප් විෂමතා පවත්නා රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කරමින් සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon