ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු තැන ගත් ඇන්ඩර්සන් බොතම්ගේ වාර්තාව බිඳ හෙළයි

  👤  3182 readers have read this article !
By mawbima 2018-08-15

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී ලකුණු 43කට කඩුලු 9ක් බිඳ හෙලූ ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ගේ්‍රණිගත ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ලකුණු 900 සීමාව පසුකර යෑමත් සමග 1980 වසරෙන් පසුව එම සීමාව පසුකළ පළමු එංගලන්ත පන්දු යවන්නා බවට ඔහු පත්විය.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් එසේ අලුත් කිරීමට සමත් වූයේ 1980 වසරේදී ඉයන් බොතම් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. කෙසේ වෙතත් එම තරගයේදී ජේම්ස් ඇන්ඩර්සන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 159ක අන්ත පරාජයක් හිමි විය. එමෙන්ම එම තරගයේදී ලබාගත් කඩුලු 9ත් සමඟ ලෝඩ්ස් පිටියේදී ඔහු ලබාගත් කඩුලු ප්‍රමාණය 103ක් දක්වා ඉහළ ගිය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ක්‍රීඩාංගණයකදී වේගපන්දු යවන්නකු ලබාගෙන ඇති වැඩිම කඩුලු එකතුවේ වාර්තාවද ඔහු සතුව ඇත.

කෙසේ වෙතත් මේ වන විට 36 හැවිරිදි වියේ පසුවෙන ජේම්ස් ඇන්ඩර්සන් පිළිබඳ අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් ප්‍රකාශ කර සිටියේ ජෙම්ස් ඇන්ඩර්සන්ට තවත් අවුරුදු 4ක පමණ කාලයක් ටෙස්ට් ක්‍රිකට් තුළ පහසුවෙන්ම රැඳී සිටීමට හැකියාව පවතින බවත් අනෙක් වේගපන්දු යවන ක්‍රීඩකයන් සමඟ සස¼දා බලන විට ඔහු මනා ශාරීරික යෝග්‍යතාවක් පවත්වාගෙන යෑම ඊට ප්‍රධාන හේතුව බවත්ය.

තවද ටෙස්ට් තරග 140කට ක්‍රීඩා කර ඇති ඇන්ඩර්සන් කඩුලු 553ක් බිඳ හෙළා තිබීමද විශේෂත්වයක් වන අතර ඔහුට තවත් කඩුලු 11ක් ලබාගැනීමට හැකිවුවහොත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් වේගපන්දු යවන්නා වීමටද ඔහුට හැකියාව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon