දකුණු-බටහිර ආසියානු සම්මේලනයේ විධායක කමිටුවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර

  👤  3095 readers have read this article !
By mawbima 2018-08-15

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා දකුණු-බටහිර ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස පත්ව ඇති බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දකුණු ආසියානු සහ බටහිර ආසියානු රටවල් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් සෞදි අරාබිය මූලිකත්වය ගෙන ඇරැඹුණු මෙම සම්මේලනයට මේ වන විට දකුණු ආසියානු රටවල් 7ක් සහ බටහිර ආසියානු රටවල් 6ක් ඇතුළුව රටවල් 13ක් සාමාජිකත්වය ලබාගෙන ඇත.

කෙසේ වෙතත් නව දකුණු-බටහිර ආසියානු පාපන්දු සම්මේලනය මඟින් මෙම කලාපය තුළ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය සඳහා කළයුතු, යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම පාපන්දු තරගාවලි පැවැත්වීම ආදිය සිදු කෙරෙන අතර සාමාජික රටවල් 13ක සහභාගීත්වයෙන් දැවැන්ත ෆුට්සාල් තරගාවලියක් පැවැත්වීමටද සැලැසුම් කර ඇත.

තවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා සහ එම සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා මෙම සම්මේලනයේ පළමු මහා සභා රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර ඉදිරි මාස කිහිපය තුළ නව දකුණු-බටහිර ආසියානු පාපන්දු සම්මේලනයේ සහයෝගය මෙරටට ලබාගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon