චාළුක සහ ගයන්තගේ දස්කම් මලියදේවයට ජය ගෙනේ

  👤  3180 readers have read this article !
By mawbima 2018-08-15

ඉෂාන් රශ්මිත

සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මොරටු මහා විද්‍යාලයට එරෙහිව කුරුණෑගල මලියදේව විද්‍යාලයට ජය ලබාදීමට ශතකයක් රැස් කළ චාළුක අතපත්තු සහ කඩුලු 6ක් දවාලූ ගයන්ත වික්‍රමාරච්චි සමත් වූහ.

මෙම තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ චාළුක අතපත්තු පන්දු 126කදී හතරේ පහර 20ක් සමඟින් ලකුණු 112ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 56ට කඩුලු 6ක් දවාලීමට ගයන්ත වික්‍රමාරච්චි සමත් විය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ දෙවැනි වටයේ තරගවලදී කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, කොළඹ ඉසිපතන, කැලණිය ගුරුකුල, යාපනය ශාන්ත ජෝන්, කොළඹ නාලන්දා, ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොළඹ ශාන්ත ජෝශප් යන කණ්ඩායම් ජය ලැබීය.

කුරුණෑගල මලියදේව - මොරටු විද්‍යාලය මොරටු විද්‍යාලය: 215 (පන්දුවාර 47) නිරාජ් කවිෂ්ක 56, නිශාන් චතුල 40, ගයන්ත වික්‍රමාරච්චි 56/6 මලියදේව: 216/2 (පන්දුවාර 40) චාළුක අතපත්තු 112, මුදිත ප්‍රේමදාස 56, බ්‍රයන් කරුණානායක 30
කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

ගාල්ල මහින්ද _ මහනුවර ත්‍රිත්ව ත්‍රිත්ව: 60 (පන්දුවාර 26.5) පසන් ගනේගොඩ 25, කුෂාන් මධූෂ 6/34, ඔෂිනු කාවින්ද්‍ය 11/2, චේතිය ගුණසේකර 13/2 මහින්ද: 63/3 (පන්දුවාර 11.5) ශාක්‍ය සම්පත් 22, කෞෂිත සංකේෂ් 14, ස‍ෙ¼දව් ඉඳුවර නොදැවී 10
ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

මහනුවර ධර්මරාජ _ මීගමුව ශාන්ත පීතර ශාන්ත පීතර: 156 (පන්දුවාර 37.2) ෂෝන් මලීෂ 48, චානුක නිමේෂ් 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 38/4, තුෂාන් හේරත් 38/4 ධර්මරාජ: 158/1 (පන්දුවාර 24.3) ඉසුරු දයානන්ද නොදැවී 83, ජනිඳු ගුණතුංග 44
මහනුවර ධර්මරාජ විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කටුගස්තොට ශාන්ත අන්තෝනි _ මාතර ශාන්ත තෝමස් ශාන්ත තෝමස්: 107 (පන්දුවාර 36.4) නිම්නක ජයතිලක 12/4, ශෂිත් හිරුදික 30/3, එම්. කමිල් 6/2 ශාන්ත අන්තෝනි: 108/4 (පන්දුවාර 26) එම්. කමිල් නොදැවී 48, ගිහාන් ඊබට් නොදැවී 30, වෝෂිත අත්සර 14/2
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කොළඹ ඉසිපතන _ මහනුවර ශාන්ත සිල්වෙස්තර
ඉසිපතන: 250/9 (පන්දුවාර 50) රවිඳු රත්නායක 83, සවිඳු උත්සර 71, තෙවිඳු දික්වැල්ල 32, චරිත් රාජගුරු 31/4, හෂාන් රත්නායක 53/2, නවීන් බණ්ඩාර 41/2 ශාන්ත සිල්වෙස්තර: 171/7 (පන්දුවාර 50) චරිත් රාජගුරු 43, කසුන් එදිරිතිලක 30, සවිඳු උත්සර 27/2, කවිඳු බණ්ඩාර 30/2
කොළඹ ඉසිපතන විද්‍යාලයට ලකුණු 79ක ජයක්.

කැලණිය ගුරුකුල _ ගාල්ල ශාන්ත ඇලෝසියස් ශාන්ත ඇලෝසියස්: 179/9 (පන්දුවාර 50) මිතුන් මිෂාක 38, කවිඳු දිල්හාර 32, ලක්ෂාන් සසංග 33/4
ගුරුකුළ විද්‍යාලය: 185/7 (පන්දුවාර 48.4) රශ්මික මෙවන් 52, ලක්ෂාන් සසංග 43, දිලිප් චාමර 20, ශනුක නිකේෂල 27/2
කැලණිය ගුරුකුල විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

යාපනය ශාන්ත ජෝන් - වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ශාන්ත ජෝන්: 113 (පන්දුවාර 42.3) ඩී. පොලියන්දස් 36, කණිෂ්ක ගමගේ 24/3, තරුෂ ප්‍රනාන්දු 15/2, සෙනුර ප්‍රනාන්දු 17/2 ශාන්ත ජෝශප් වාස්: 80 (පන්දුවාර 31.2) ජොනතන් ප්‍රශාන්ත් 15/3, ටී. ඩිනෝෂන් 17/2, කේ. ටිෂාන් 21/2
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 33ක ජයක්.
කොළඹ නාලන්දා _ මොරටුව වේල්ස් කුමර වේල්ස් කුමර: 134 (පන්දුවාර 38.2) විනුජ රන්පුල් 28, පසිඳු පැතුම් 26, නදුක ප්‍රනාන්දු 23, චමෝද්‍ය රාජපක්ෂ 22/4 නාලන්දා: 138/3 (පන්දුවාර 34) ලක්ෂාන් කාශ්‍යප 50, මෝක්ෂ සංකල්ප නොදැවී 35
කොළඹ නාලන්දා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

ගල්කිස්ස ශාන්ත තෝමස් - කොළඹ ආනන්ද
ශාන්ත තෝමස්: 286/8 (පන්දුවාර 50) උමයංග සුවාරිස් 59, කිෂාන් මුණසිංහ 46, ඩියොන් ප්‍රනාන්දු 34, මොහොමඩ් ඉෂාක් නොදැවී 32, රවිඳු ද සිල්වා 27, අතීෂ පෙරේරා 51/3 ආනන්ද: 205 (පන්දුවාර 42.3) සෙනෙර කුඩාගම 57, කණිෂ්ක රන්තිලකගේ 49, ජනිඳු ජයවර්ධන 21, ශමිල්ක වික්‍රමතිලක 31/5, දිල්මින් රත්නායක 41/2
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 81ක ජයක්.

කොළඹ ශාන්ත ජෝශප් - කොළඹ තර්ස්ටන් ශාන්ත ජෝශප්: 260/7 (පන්දුවාර 50) ඩිනාල් අනුරාධ 78, දිනෙත් ජයකොඩි 67, ජොහෑන් ද සිල්වා 61, භවන්ත ජයසිංහ 70/3
තර්ස්ටන්: 192/8 (පන්දුවාර 50) ප්‍රසන්න පුෂ්පකුමාර නොදැවී 46, රනේෂ් ලක්ෂාන් 36, සසිඳු වෛද්‍යසේකර 28, ජයවිහාන් මහවිතාන 23, ක්ලෙන් කළ්‍යාණරත්න 17/2, ලක්ෂාන් ගමගේ 32/2, දිනෙත් අන්තෝනි 33/2
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට ලකුණු 68ක ජයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon