ලංකාව දකුණු අප්‍රිකානුවන් බිංදුවටම ඇද දමයි

  👤  3124 readers have read this article !
By mawbima 2018-08-15

සංචාරක දකුණු අප්‍රිකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 2ක තියුණු ජයක් හිමිවීමත් සමඟ තරගාවලියද 3-0ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තවද මීට ප්‍රථමයෙන් පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියද 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා නැඟී එන කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 3කදී ලකුණු 223කට සියලු දෙනා දැවී ගියේය. ලකුණු 224ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් වැය කරමින් තම ඉලක්කය වෙත ළඟා වීමට සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක ටෝනි ඩි සෝර්සි හා ඊතන් බොස්ච් ලකුණු 48 බැගින් රැස්කළ අතර මැතිව් බී්‍රට්ස්කි ලකුණු 42කින්ද, ගේ‍රගරි මාලොක්වානා ලකුණු 15කින්ද, දකුණු අප්‍රිකා ඉනිමට දායකත්වය සැපැයීය. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 54කට කඩලු 3ක්ද, අමිල අපෝන්සෝ ලකුණු 33කට කඩුලු 2ක්ද බිඳහෙළුෑ අතර ෂෙහාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.

ලකුණු 224ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 68ක්ද, ජෙහාන් ඩැනියෙල් ලකුණු 50ක්ද ලබාගත් අතර නායක චරිත් අසංලක ලකුණු 33ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. අමිල අපෝන්සෝ ලකුණු 19ක්ද, චාමික කරුණාරත්න ලකුණු 11ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. පන්දු යැවීමේදී නැන්ද්‍රි බර්ගර් කඩුලු 3ක්ද ගේ‍රගරි මාලොක්වානා කඩුලු 2ක්ද බිඳ හෙළීය.

ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා නැඟී එන පිල (පන්දුවාර 42යි පන්දු 3කදී සියලු දෙනා දැවී) 223 (ටෝනි ඩි සෝර්සි 48, ඊතන් බොස්ච් 48, මැතිව් බී්‍රට්ස්කි 42, ජෙෆ්රි වැන්ඩර්සේ 3/54, අමිල අපෝන්සෝ 2/33, චාමික කරුණාරත්න 1/23)
ශ්‍රී ලංකා නැඟී එන පිල (පන්දුවාර 48යි පන්දු 5කදී කඩුලු 8කට) 227 (සධීර සමරවික්‍රම 68, ජෙහාන් ඩැනියෙල් 50, චරිත් අසලංක 33, නැන්ද්‍රි බර්ගර් 3/33, ගේ‍රගරි මාලොක්වානා 2/49, කර්වින් මුන්ගේ‍රා් 1/46)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon