කොස්ගම අලුත්ගම ශ්‍රී සුධර්මාරාමයේ සම්බුදු සුවඳ විහිදෙයි

  👤  3040 readers have read this article !
By mawbima 2018-08-15

අවිස්සාවේල්ල - හාතාගොඩ ධර්මසේන

පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. උසස් පෙළ හා වෙනත් පන්තිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හා ප්‍රදේශවාසීන්ට සෙත් පැතීමේ 'මව්බිම' සම්බුදු සුවඳ සදහම් වැඩසටහන ඉකුත්දා ප.ව. 6.00ට කොස්ගම අලුත් අම්බලම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

විහාරාධිපති දංගොල්ලේ මංගල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැති එම වැඩසටහන 'මව්බිම' පුවත්පතේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කළ අතර, හංවැල්ල සිංහ සමාජය, නඩරාජා සමූහ ව්‍යාපාරයද සහාය දක්වා තිබේ.

එම පුණ්‍ය කටයුතු ආරම්භ කිරීමට පෙර ශ්‍රී සුධර්මාරාමාධිපති දංගොල්ලේ මංගල හිමියෝ මෙසේ අනුශාසනා කළහ.

මෙම අවස්ථාවට සහභාගි වී සිටින දරු දැරියන්ගෙන් වැඩ පිරිසක් ඉතාමත් අපහසුතාවන් මධ්‍යයේ අධ්‍යාපනය ලබනවා.

එම නිසා ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙවැනි පූජනීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් දරුවන් ධෛර්යවත් කිරීමට හැකිවෙනවා. විශේෂයෙන් මවුපියන් තම දරුවන් ඒ තැනට යොමු කිරීම ඉතාමත් වැදගත්. අනිකුත් පිරිසට ආදර්ශයක්.

මෙම පුණ්‍යකර්මය සඳහා 'මව්බිම' කාර්ය මණ්ඩලයේ බෙදාහැරීම් හා අලෙවි කටයුතු සාමාන්‍යාධිකාරී රොහාන් ෆොන්සේකා හා සහකාර කළමනාකාර සංජය කළුතන්ත්‍රි මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටිනවා. එය අපට ලොකු ධෛර්යක්. දරු දැරියන්ගේ බලාපොරොත්තු හා ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. පුණ්‍ය කර්මය සඳහා දායක වූ සියලුම පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා.

ජේ‍යතිෂවේදී බී.ඒ. සමන් ගුණසේන මහතා විසින් පින්කමට පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළේය

අනතුරුව නිකවැරටිය - බුදුමුත්තාව විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික ගෞරව ශාස්ත්‍රවේදී තඹරකොටුවේ පද්මජෝති ස්වාමීන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසු නව අරහාදී පහන් පූජාව, ආශීර්වාද පූජාව හා ගණදෙවි සරස්වතී පූජා පවත්වා පිරිසට සෙත්පතා පිරිත් පැන් හා පිරිත් නූල් බෙදා දුන්හ

අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට යාබද අතුරු මාර්ගය හා විහාර පරිශ්‍රය බෞද්ධ කොඩි හා සුදු රෙදිවලින් අලංකාර කර තැන් තැන්වල පොල්තෙල් පහන් හා විදුලි බුබුළු දල්වා ආලෝකවත් කර තිබිණි. චෛත්‍යය, බෝධිය හා ධර්ම ශාලාව අවට මල්පහන් රැගත් සුදු ඇඳුමින් සැරසුණු දරු දැරියන් හා වැඩිහිටියෝ රැදී සිටියහ.

කොස්ගම අලුත්අම්බලම අවට ගම්වාසීහු හා අවට විද්‍යාලවල සිසු දරු දැරියෝ දෙදහසකට ආසන්න පිරිසක් ධර්ම දේශනාව හා පූජාවන් සඳහා සහභාගි වූහ. සියලු පුණ්‍ය කටයුතු අවසානයේදී හංවැල්ල සිංහ සමාජයේ සාමාජික සාමාජිකාවෝ පැමිණ සිටි පිරිසට සිසිල් බීම හා තේ පැන් සංග්‍රහයක් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon