වසර 10ක් තිස්සේ දරුවෙක් රකින බලු සුරතලෙක්

  👤  3269 readers have read this article !
By mawbima 2018-08-15

මනම්පිටිය - නිමල් ජයරත්න

අවුරුදු දහයක කාලයක් දියර කිරි පමණක් බී ජීවත්වන ආබාධිත රෝගී දරුවකුට වසර තුනක සිට රැකවරණය සපයන සුනඛයකුගේ කතාවක් පිළිබඳව අපූරු සංවේදී දුක්බර පුවතක් පොළොන්නරුව - වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයෙන් අසන්නට ලැබේ.

වැලිකන්ද - නවසේනපුර සඳුන්පිටිය අංක 48 ලිපිනයේ පදිංචිව සිටින 43 වියැති ටී. නීල් කුමාර සහ එස්. තරංගා විලාශනී (42) යන දෙපළට 2008 ජනවාරි 21 වැනිදා ගාල්ල - මහමෝදර රෝහලේදී උපත ලැබූ ටී. ස¼දර අශ්විදු දරුවා මෙම අවාසනාවන්ත රෝගී තත්ත්වයට මුහුණ පා සිටී.

එම රෝගී තත්ත්වයෙන් සහ ආබාධිත තත්ත්වයෙන් සිටින සඳර අවිශ්දු අසලට මවට, පියාට හැර කිසිවකුට ළංවීමට ගෙදර ඇති කරන සුනඛයා ඉඩ නොදෙන අතර සඳර රැගෙන යන සෑම ස්ථානයකටම සුනඛයා පසුපසින් පැමිණෙන බවද මවුපියෝ පවසති.

"පුතා ඉපදිලා සති දෙකෙන් මුළු ඇඟම කහ වුණා. පස්සේ මාස 04ක් කරාපිටිය ශික්ෂණ රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. ඊට පස්සේ ගෙදර අරන් ගිහින් මාස එකහමාරකින් ආයේ ඉස්පිරිතාලයට අරන් එන්න කිව්වා. වෛද්‍ය අමරසේන කියලා ඩොක්ටර් කෙනෙක් තමා පුතාට ප්‍රතිකාර කළේ.

ඉතින් අඩුවක් වුණේ නැහැ. දැනටත් පුතා පොළොන්නරුවට බෙහෙත් ගන්න සති දෙකෙන් දෙකට අරන් යනවා. එයා කිරි විතරයි බොන්නේ. වෙන මොනවා හරි කාපු ගමන් වමනය කරනවා. කිරිපිටි 01ක් රුපියල් 1,520ක් වෙනවා. ඒක දින හතරෙන් ඉවර වෙනවා.

මහත්තයා යුද හමුදා විශ්‍රාමිකයෙක්. ඉතින් ඒ ලැබෙන වැටුපෙන් තමා හැමදේම කරගන්නේ. ගෙදර හුරතලේට ඇති කරන බල්ලා, මමයි මහත්තයයි ඇරෙන්න වෙන කාටවත් පුතා ළඟට ළංවෙන්න දෙන්නේ නැහැ. අපි ගෙදරින් ගියත් බල්ලා පුතා ළඟම ඉන්නවා. දැන් අවුරුදු තුනක් තිස්සේ උෟ පුතාට රැකවරණය දෙනවා.

ඉතින් මගේ පුතාගේ ලෙඩේ මොකක්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. එයාට කතා කරන්නත් බැහැ. කවුරු හරි ඩොක්ටර් කෙනෙක් මගේ පුතාගේ ලෙඩේ හොඳ කරලා දෙනවා නම් බුදු බව අත්වෙනවා. පොළොන්නරුව ඉස්පිරිතාලයට සති දෙකෙන් දෙකට අරන් යන්න රුපියල් 3,000ක් විතර වියදමක් යනවා. ආර්ථික අතින් අපිට ගොඩක් අමාරුයි. අපිට කවුරුන් හෝ උදවු කරන්න ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා යැයි තරංගා විලාශනි මව දෑසින් කඩා හැලෙන කඳුළු පිසලමින් කතාව හමාර කළාය.

ඔවුන්ගේ දුරකථනය 0718289868, 0273287126
ගිණුම් අංකය ටී. නීල් කුමාර මහජන බැංකුව - වැලිකන්ද 2542000120038138

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon