ගල්නෑවේ දහම් පාසල් සිසු සිසුවියන් පිරිසක් පොල්කටු විකුණා ලද ආදායමෙන් කිරි එළදෙනක් මරණයෙන් මුදාගෙන

  👤  3059 readers have read this article !
By mawbima 2018-08-15

ගල්නෑව - රාජා මුවපිටියවත්ත

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සිදුහත් දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිවු වසරක් පුරා එකතු කළ පොල්කටු අලෙවි කර උපයාගත් ආදායමෙන් කිරි එළදෙනකු මරණයෙන් මුදාගැනීමේ පින්කමක් කරුවලගස්වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

කිරි එළදෙන නහවා පිරිසුදු කර දහස්පෙතියා මල් මාලයක් පලඳවා පෙරහරින් විහාරස්ථානය වෙත රැගෙන ආ එළදෙන රැකබලා ගැනීම සඳහා දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසුවකුගේ මවකට භාරදුන් බව විහාරාධිපති උපුල්වැහැර ජිනරතන හිමියෝ පැවැසූහ.

ජිනරතන හිමි මෙසේද පැවැසූහ.

මේ දහම්පාසලේ සිසුන් දෙසීය හතළිස් දෙනයි, ගුරු මණ්ඩලයේ ‍ෙදාළොස්දෙනයි එකතුවෙලා මේ පින්කමට මුලපිරුවේ 2014 වර්ෂයේදී. දහම් පාසල පවත්වන සෑම දිනකම ළමයි දහම් පාසලට පොල්කටු රැගෙන ආවා.

ඒවා අලෙවි කර ලැබුණු ආදායමෙන් එළදෙනක මරණයෙන් මුදාගෙනදහම් පාසලේ අධ්‍යාපනය ලබන තිසුම් තීක්ෂණ දරුවාගේ මවට භාර දුන්නා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon