ක්‍රිකට් පිටිය ගාල්ලේ දරුවන්ට පොදු ක්‍රීඩා පිටියක් කළ යුතුයි

  👤  3144 readers have read this article !
By mawbima 2018-08-15

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය මම විකුණනවා කියා උද්ඝෝෂණය කළා. කවුරු මොන උද්ඝෝෂණ කළත් එම පිට්ටනිය ගාල්ලේ දරුවන්ට පොදු ක්‍රීඩා පිටියක් ලෙස ලබා දෙන තුරු තනිවම හරි හිටගන්නවා. ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් පළාත් සභා වාරයේදී මෙම ක්‍රීඩාංගණය වැරැදි නිසා කඩා ඉවත් කළ යුතු යැයි පැවැසුවා. කොන්ද කෙළින් තියාගෙන අපි වැඩ කළ යුතු යැයි ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල 5ක් විවෘත කරමින් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන කරුවලබැද්දේ දී පැවැසීය.

ගෝනාපීනුවල තලවගහ මධ්‍යම, 66 මහගංගොඩ (අලුත්වල) කිරිඳි ඇළ, කරුවලබැද්ද නිල සෙවණ කාර්යාලය විවෘත කරමින් සභාව ඇමැතූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ගාල්ලේ පමණක් සිසු දරුවන් 80,000ක් සිටිනවා. ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතාවන් පෙන්වන්න තිබූ පොදු ක්‍රීඩාංගණය ගාල්ලට අහිමි කළා. ක්‍රිකට් ක්‍රීඩාංගණය දින 365න් 360ක්ම වහලා. ගාල්ලේ ක්‍රිකට් ගහන ළමයින්ට කොළඹ එන්සීසී හා සූරියවැව පිට්ටනිවලට යන්න සිදු වෙලා. එදා නාමල්ලා රගර් ගැසූ පිට්ටනිය කුඹුරක් වුණා. කවුරුවත් ගාල්ල ගැන කතා කළේ නෑ. ලක්ෂ 300ක් වියදම් කරලා නැවත පිට්ටනිය සෑදුවා. 2015 වැඩි ඡන්ද 15,000ක් මට දුන්නේ ගාල්ල හදන්නයි. මගෙ යුතුකම වගකීම මේ ගාල්ල නගරයේ සම්පත් රැකලා දරුවන්ට ලබාදීමයි. බෙන්තර සිට අහංගම දක්වා කිලෝමීටර් 69ක ලෝක උරුමය නගරය බලන්න එනවා. නමුත් ක්‍රීඩාංගණයේ රෑට ලයිට් දාන්නේ නෑ.උද්ඝෝෂණය කරන එක හොඳයි. අපි නිදහස දීලා තියෙන්නේ. සමෘද්ධි නෝනලා පාර්ලිමේන්තු වට රවුමේ පසුගියදා උද්ඝෝෂණය කළා. වසර 20ක් ඇයි උද්ඝෝෂණය කරන්න බැරි වුණේ. දැන්ද විශ්‍රාම වැටුපක් ඉල්ලන්න මතක් වුණේ. එදා පාරේ නිදියගත්තා නම් සදහටම නිදි. අපි මිනිස් අයිතිවාසිකම් දෙනවා. කරාපිටිය රෝහලට ජේ.ආර්. මුල්ගල තියන විට රෝහල එපා කියා උද්ඝෝෂණය කළා. අද රෝහල ගොඩනැඟිලි ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ටයර් සංස්ථාව පෞද්ගලික කරන නිසා පාරට බැස්සා. පෞද්ගලික නොකළා නම් අද ප්‍රයිවට් බස් 10,000කට හා යතුරුපැදිවලට ටයර් නැතිව ටයර් බෙල්ලෙ එල්ලාගෙන අපිට ටයර් දියව් කියා උද්ඝෝෂණය කරන්න වෙනවා.

හබරාදුව ඇඟලුම් කම්හල දාන විට සුද්දන්නට ජංගි මහනවා කියා පාරට බැස්සා. අද ඒ අයට කර්මාන්ත ශාලාවේ රැකියාව කරන්න සිදුවෙලා. උද්ඝෝෂණවල ප්‍රතිඵල ඉදිරියට ලැබෙනවා. ඉන්දියාවෙන් ඇම්බියුලස් ගේන විට හැමෝම විරුද්ධ වුණා. කවුරුත් ගත්තේ නෑ. මම ගාල්ලට ඉල්ල ගත්තා. අද ලොක්කෝ සොක්කෝ නොමිලේ දෙන ඇම්බියුලන්ස් එකේ යනවා. මට රියැදුරන්, හෙදියන් සහායකයන් ඉන්දියාවේ පුහුණුවකට යවලා රැකියා 300ක් දෙන්න පුළුවන් වුණා. අද රැකියා කරන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ. ඔබේ ගමේ නිල සෙවණ කාර්යාලයේ දුරකථන සවි කරනවා. 6109 ඇමැතීමෙන් ගමේ ගැටලු කෙළින්ම හොට් ලයින් හරහා විසඳීමක් සිදු කරනවා. විවාහ, උප්පැන්න, මරණ, අතුරුදන් සහතික හා ඉඩම් පත්ඉරු ආදිය නිල සෙවණ කාර්යාලයෙහි පොඩි මුදලක් ගෙවා පැය කිහිපයකින් ලබා දීමට නවීන තාක්ෂණය අනුව ක්‍රියා කරනවා.

බටපොළ - රත්න පින්නදූව

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon