කවුරු ස්වාධීන වුවත් කමක් නැහැ අපට තුනෙන් දෙකක් තියෙනවා

  👤  3257 readers have read this article !
By mawbima 2018-08-15

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ස්වාධීන වීම රජයට ප්‍රශ්නයක් නොවන බවත්, 150 දෙනකුගෙන් සමන්විත තුනෙක් දෙකක බලයක් රජය සතුව ඇති බවත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවැසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (13දා) බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.
"මේ රජය ස්ථාවර රජයක්. අපට කිසිම ගැටලුවක් නැතිව 2020 වෙනකම් මේ රජය පවත්වාගෙන යන්න පුළුවන්. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියේදී විශාල සංවර්ධන වැඩ රාශියක් කරමින් පවතිනවා. විශේෂයෙන්ම ගම්පෙරළිය වැඩපිළිවෙළ තුළින් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා.

ග්‍රාමීය ආර්ථික නඟාසිටුවන්න. ඒ නිසා ඔය මොන කණ්ඩායම ස්වාධීන වුණත් රජයට ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. රජයට සහයෝගය දක්වන 150 දෙනකුගෙන් සමන්විත මන්ත්‍රි කණ්ඩායමක් අපට ඉන්නවා. ඒක තුනෙන් දෙකක බලයක්. ඒ නිසා මොන කණ්ඩායම මොන දේ කළත් 2020 වනතුරු මේ රජය පවතිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon