ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් ස්වාධීන වුවහොත් මන්ත්‍රිකම් අහෝසියි

  👤  3124 readers have read this article !
By mawbima 2018-08-14

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු


ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රි ධුර නීතිය අනුව අහෝසි වන බව පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ස්වාධීන වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා දෙනවාද කියා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.


ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රථමයෙන් ස්වාධීන විය යුතු බවයි.
මේ කාරණය ගැන 'මව්බිම' ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ඒ ගැන තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා බවයි.


නමුත් තමන් දන්නා නීතිය අනුව දේශපාලන පක්‍ෂයකින් තරග කරන ලද මන්ත්‍රිවරයකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුවහොත් එම මන්ත්‍රි ධුරය අහෝසි කිරීමේ හැකියාව එම පක්‍ෂයේ මහ ලේකම්වරයා සතු බවත් ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රි ධුර අනිවාර්යයෙන්ම අහෝසි වන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon