කෝටි 7,500ක යකඩ ගැහිල්ලක්

  👤  3136 readers have read this article !
By mawbima 2018-08-14

අනුරාධා හේරත්

මෙරට යකඩ නිෂ්පාදනයේ නියැළී සිටින්නන් පසුගිය වසර 5 තුළ හරියාකාරව බදු නොගෙවීම හේතුකොටගෙන රජයට රුපියල් මිලියන 75,000ක් පාඩු වී ඇතැයි 'දූෂණ විරෝධී හඬ' අනාවරණය කරයි.

එහි කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ 'මව්බිම'ට පැවැසුවේ ඒ අනුව 2013 _ 2017 දක්වා කාලය තුළ එකී බදු මුදල් අය කිරීම පැහැර හැර ඇති අතර මේ පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් පිළිබඳව බරපතළ සැකයක් පවතින බවය.


විශේෂයෙන් මේ කර්මාන්තය තුළ නිරතව සිටින බහුතරය අබලි යකඩ උණුකොට කෙරෙන නිෂ්පාදනවල නියැළෙන කර්මාන්තකරුවන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
අදාළ යකඩ නිෂ්පාදකයන් මෙරටට ගෙන්වා ඇති යකඩ ප්‍රමාණය, අලෙවි කර ඇති ප්‍රමාණය හා රජයට ගෙවිය යුතු (ධ්දජධථඥබචය/ ව්ඕඊ/ ඍඒඊ) බදු පිළිබඳ ලැයිස්තුවත් තොරතුරු දැනගැනීමේ පනත හරහා අද (14දා) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බවද සමරසිංහ මහතා කීය. ඔහු ප්‍රකාශ කළේ දැනට රට පුරා සිටින 25 දෙනකුට ආසන්න යකඩ නිෂ්පාදකයන්ගේ එම බදු අය කිරීමේ කටයුතු පැහැර හැරීම තුළ බරපතළ සැකයක් පවතින බවය.


කොළඹ ගොඩනැඟෙන තට්ටු නිවාසවලට අවශ්‍ය යකඩ ලබාදී පෙරළා ලාභයට ගෙවල් ලබා ගැනීමට මෙම නිෂ්පාදකයන් කටයුතු කරන අතර ඔවුන් ඒ මඟින් යකඩවලට පිරිවැය පමණක් ඉදිකිරීම් සමාගම්වලින් ලබා ගන්නා බවටද තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon