කොහේට නැග්ගත් වෙනසක් වෙන්නේ නෑ

  👤  3137 readers have read this article !
By mawbima 2018-08-14

වහලය උඩට නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් වෙනසක් කරන්න හැකියාවක් නොමැති බවත් ඕනෑම කෙනකුට තමන් කැමැති ආකාරයට උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද රට තුළ ඇති කර තිබෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.


වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වහලය මතට නැඟුණු රැඳවියන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබීම සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිනිය එසේ කීවාය.


බන්ධනාගාරය තුළ නීති විරෝධී කටයුතු තවමත් සිදු කෙරෙන බව රටම පිළිඅරගෙන තිබෙන බවත් තමා කෙසේ හෝ එකී නීති විරෝධී කටයුතු පාලනය කරන බවත් ඇය පැවැසුවාය.


2012 නොවැම්බර් මාසේ 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනකු ඝාතනය වූ බවත් තමා බන්ධනාගාරය තුළ ප්‍රශ්න විසඳන්නේ ඒ ආකාරයට නොවන බවත් තමන් බොහෝම කල්පනාකාරීව ඉවසිල්ලෙන් ගොස් එකී කටයුතු පාලනය කරන බවත් පැවැසූ ඇමැතිනිය වැඩිදුරටත් කියා සිටියේ තමන්ගෙන් හෝ අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් අවසරයක් නොමැතිව මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දක්වා ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon