වංචාවෙන් මුදල් ගත් අධ්‍යාපන ආයතනයක හිමිකරු 20දා තෙක් රක්‍ෂිතයට

  👤  3119 readers have read this article !
By mawbima 2018-08-14

අමිල අබේරත්න


විදේශ අධ්‍යාපනය සහ විදේශ රැකියා සඳහා යවන බව පවසා මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්‍රසිද්ධ විදේශ අධ්‍යාපන ආයතනයක හිමිකරුවකු මේ මස 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

රුසියාව, ජපානය, මැලේසියාව ආදී රටවලට විදේශ අධ්‍යාපනය සඳහා යවන බව පවසමින් ඔහු විසින් විවිධ තැනැත්තන්ගෙන් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති අතර විදේශ රටවලට යෑම සඳහා මුදල් ලබාදුන් තැනැත්තන්ගෙන් එක් පිරිසකට වීසා බලපත්‍ර ලබාදීම මඟින් මුදල් වංචා කර ඇති අතර තවත් පිරිසකට වීසා බලපත්‍ර ලබාදීම ප්‍රමාද කරමින් මුදල් දුන් තැනැත්තන් මඟහරිමින් මුදල් වංචා කිරීම කර ඇත.

ඒ සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩු හා වංචා විමර්ශන කාර්යාංශයෙන් පැවැරූ නඩු ඇතුළු නඩු ගණනාවක් ඇත. විත්තිකරුට මුදල් දුන් තැනැත්තන් අධිකරණයට පැමිණ සිටි අතර ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ විත්තිකාර තැනැත්තා විදේශ අධ්‍යාපනය සමඟ විදේශ රැකියාවන් ලබාදෙන බව පවසමින් මුදල් ලබාගත් බවත් විදේශ ගත වීම සඳහා වීසා ලබා නොදුන් බවත් වීසා ලබා නොදුන් විට විත්තිකරුගෙන් මුදල් ඉල්ලා සිටි බව හා එවිට ඔහු මුදල් නොදී මඟහරිනු ලැබූ බවයි. කොල්ලුපිටිය පොලිසියේ පොලිස් සැරයන් ඒකනායක මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon