උප පොලිස් පරීක්ෂිකාව නිදා සිටි කාමරයට ජනේලයෙන් ඇතුළු වූ පොලිස් කොස්තාපල්ට ශරීර ඇප

  👤  3217 readers have read this article !
By mawbima 2018-08-14

කොළඹ - එම්.සී. පෙරේරා


මිරිහාන කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරීක්ෂිකාවක් නිදා සිටි කාමරයට මධ්‍යම රාත්‍රියේදී ජනේලයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් විදුර පී. මංචනායක මහතා නියෝග කළේය.


මෙලෙස ඇප මත මුදා හැරියේ තෙලිජ්ජවිල, කිරිමැටිමුල්ල, ඇලිස්වත්ත පදිංචි ඩබ්ලිව්. නෙරංජන් නෙරුපන් ප්‍රසාද් නමැත්තෙකි.


පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන මේ කොස්තාපල්වරයා මීට මාස දෙකකට පමණ ඉහතදී සේවයට වාර්තා කළ අයෙකි.
ඉකුත් 11 වැනි දින පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රි රාජකාරියේ නිරතව ඇති කොස්තාපල්වරයා අලුයම 1.15ට පමණ විදුලි පන්දම අත දරා උප පොලිස් පරීක්ෂකවරිය නිදා සිටි කාමරයට ජනේලයෙන් ඇතුළු වී තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.


ඇති වූ ශබ්දයත් සමඟ අවදි වූ උප පොලිස් පරීක්ෂකවරිය කොස්තාපල්වරයා අල්ලාගෙන පහරදී මිරිහාන පොලිසියේ නිලධාරීන් කැඳවා භාරදී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon