අපමණ අගයක් වෙනුවට යහපාලන ආණ්ඩුවෙන් ලැබුණේ අනාගතයක් නැති රටක්

  👤  3185 readers have read this article !
By mawbima 2018-08-14

යහපාලන ආණ්ඩුව යටතේ අපමණ අගයක් බලාපොරොත්තු වූ ජනතාවට ලැබී ඇත්තේ බදු බර, පාතාල අපරාධ, වැඩ වර්ජන, මත්කුඩු පමණක් බවත් මේ ගෙනයන වැඩපිළිවෙළ අනුව ආණ්ඩුවටත් රටටත් අනාගතයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසයි.


බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රීලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී ඊයේ (13දා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.


ඉතාම කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුවයි. මේ ආණ්ඩුවට බනින්නේ නැති කෙනෙක් හොයාගන්න බැහැ. යහපාලන ආණ්ඩුවේ අවුරුදු තුනයි මාස හත ඇතුළතදී පොලිසිය හා ත්‍රිවිධ හමුදාව හැරුණු විට අනෙක් සියලුම ක්ෂේත්‍රයන් වැඩ වර්ජනය කළා. ආරක්ෂක අංශ සාමාජිකයන්ට වර්ජන කටයුතුවල නිරත වීමට නීතියෙන් අයිතියක් නැහැ.

නැත්නම් ඔවුන්ටත් අනන්ත අප්‍රමාණ ගැටලු තිබෙනවා. දැන් මේ රටේ වර්ජන සිද්ධ වෙන්නේ තට්ටු මාරු ක්‍රමයටයි. දුම්රිය වැඩ වර්ජනය නතර කරනකොට බස් රථ හිමියන් වර්ජනය පටන් ගන්න සූදානම් වෙනවා. වැඩ වර්ජනවලින් ආණ්ඩුවට නොරිදෙන බව ජනාධිපතිවරයා කියනවා. වැඩ වර්ජනවලින් රිදෙන්නේ මහජනතාවට මිසක රජයට නෙවෙයි. මේ ආණ්ඩුවේ වැඩ නිසා මහජනතාවට රිදුණා. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට එරෙහි තීන්දුවක් ගත්තේ ඒ නිසායි. මහජන වරමක් නැති නිසා ආණ්ඩුව ගෙදර යා යුතුයි.


අගමැතිකම ඉල්ලපු අය විපක්ෂ නායකකම ඉල්ලීම ලැජ්ජාවට කරුණක් බව සන්ධානයේ මහලේකම්වරයා පවසනවා. ඇත්තටම ලැජ්ජාවක් තියෙනවාද නැද්ද කියලා දැකගන්න කැඩපත ඉදිරියට යන්න කියලා අපි එතුමාට කියනවා. එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ආණ්ඩුවක ඇමැතිකම කරන එතුමාට විළිලැජ්ජාව ගැන කතා කරන්න අයිතියක් නැහැ. රටේ අනාගතය තීන්දු කරන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ විදේශිකයන්ට විකුණන ආණ්ඩුවක ඇමැතිවරයෙක් වීම ගැන සන්ධානයේ මහලේකම්වරයා ලැජ්ජා වෙන්න ඕන. ලැජ්ජාවක් නැත්නම් ඉතාම ඉක්මනින් මැතිවරණයකට එන්න කියලා අපි එතුමාට කියනවා.


අධීක්ෂණ මන්ත්‍රිවරුන් පනස් පස් දෙනෙක්ට රුපියල් ලක්ෂ දෙක බැගින් හොර පාරෙන් දී තිබෙන බව අද මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විශ්වාසභංග යෝජනාවේදී අගමැතිතුමා ආරක්ෂා කරගන්න අත උස්සපු, ආණ්ඩුවේ හැම පනතකටම අත උස්සපු සියලුම දෙනාටම අධීක්ෂණ මන්ත්‍රිකම් ලැබෙනවා. මේ ආණ්ඩුව යටතේ රට වේගයෙන් අස්ථාවරත්වය කරා යනවා. මේ යන විදියට ආණ්ඩුවටත් රටටත් අනාගතයක් නැහැ. ඒ නිසා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාංසා


මාස හැටෙන් අලුත් ආණ්ඩුවක් හදන්න ආපු ආණ්ඩුවට මේ සතියට අවුරුදු තුන සම්පූර්ණ වෙනවා. ඒත් ගෙවී ගිය මාස 43ක් වැනි කාලයකදී රට වෙනුවෙන් කළේ මොනවද කියලා නැවත සිතා බැලිය යුතුයි.


මේ කාලයේදී සිදුවූ එකම දෙය අල්ලස, වංචාව හා දූෂණය ඉහවහා ගිය එකයි. එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කළ ව්‍යාපෘති නතර කිරීමෙන් හා ඒ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමෙන් කොමිස් ගැනීමයි.


ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon