කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විදෙස්ගත වීම තුන්වතාවකට සීමා කරයි

  👤  820 readers have read this article !
By mawbima 2018-08-10

නුවන් හෙට්ටිආරච්චි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට විදේශගත වීම වසරකට තුන් වතාවකට සීමා කර අනෙක් සියලුම අවස්ථා ගොවීන්ට හා ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ආමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි.

වසරකට පහළොස් වතාවක් පමණ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් විදේශ ගත වන බවත් එයින් කිසිදු අවස්ථාවක් පහළ මට්ටමේ කිසිම ක්‍ෂේත්‍ර නිලධාරීන්ට හෝ ගොවීන්ට හිමි නොවන බවත් ඒ හේතු කොටගෙන මේ තීරණයට එළැඹි බවත් අමාත්‍යවරයා සඳහන් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ "අපි වවලයි - අපි කන්නේ" කඩිනම් කෘෂිකාර්මික ක්‍රියාන්විත පිළිබඳ පොළොන්නරුවේ සහ මාතලේ දිස්ත්‍රික්කවල කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් හා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon